Gossips

අභ්‍යාවකාශයට ප්‍රවේශ පත්‍රය ඩොලර් තුන් ලක්ෂයයි

අභ්‍යාවකාශයට සංචාරකයන් රැගෙන යාමේ සිය ව්‍යාපෘතිය යටතේ එක් මගියෙකුගෙන් ඇමරිකානු ඩොලර් දෙලක්ෂයත්, තුන් ලක්ෂයත් අතර මුදලක් අය කිරීමට ජෙෆ් බෙසෝස්ගේ රොකට් සමාගම සැරසෙනවා.
ලබන වසරේ සිට මෙලෙස අභ්‍යාවකාශය වෙත සංචාරකයන් රැගෙන යාමටයි එමඟින් සැලසුම් කර ඇත්තේ.
අභ්‍යාවකාශ සංචාරක වැඩසටහනින් ලාභ ඉපයිය හැකි දැයි දැන ගැනීමට බොහෝ දෙනා මෙහි ප්‍රවේශ පත්‍රයක මිල දැන ගැනීමේ කුතුහලයෙන් පසුවුණා.
ජෙෆ් බෙසෝස්ගේ – බ්ලූ ඔරිජින් සමාගම මගින් සැලසුම් කර ඇති නිව් ෂෙපර්ඞ් අභ්‍යාවකාශ යානය මගින් වරෙකදී මගීන් හය දෙනෙකු පෘථිවියේ සිට කිලෝමීටර් සියය ඉක්ම වූ අභ්‍යාවකාශය වෙත රැගෙන යා හැකියි.