Gossips

අභ්‍යවකාශය විද්යුත් උපකරණ කොටස්වලින් දූෂණය වී ඇති බවට ඇමරිකාවෙන් ප්‍රකාශයක්

චන්ද්‍රිකා විනාශ කිරීම සඳහා යොදාගන්නා මිසයිල අත්හදාබැලීම හේතුවෙන් අභ්‍යවකාශය දූෂණය වී ඇති බවට ඇමරිකාව පවසනවා.
එරට වැඩබලන ආරක්ෂක ලේකම් පැටි‍්‍රක් මයිකල් මේ බව කියා සිටියේ චන්ද්‍රිකා විනාශ කිරීම සඳහා ඉන්දියාව පසුගියදා සිදුකළ යොදාගන්න මිසයිල අත්හදාබැලීමත් සමඟයි.
මෙලෙස අභ්‍යවකාශයට යවන මිසයිලවල කොටස් පාවී යාම හේතුවෙන් චන්ද්‍රිකා සහ යානාවලට හානි සිදුවිය හැකි බවයි ඔහු කියා සිටියේ.