Gossips

අභ්‍යන්තර සිහිපතක් නිසා ෆේ්ස්බුක් යළිත් අවදානමක

ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය ලෙස හැදින්වෙන ෆේස්බුක් හි ප්‍රචාරක සහ අලෙවි ප්‍රධානියා යැවූ මෙමෝ හෙවත් සිහිපතක් මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් ෆේස්බුක් ආයතනය යළි අර්බුදයකට ලක්වී තිබෙනවා.
ෆේස්බුක් හි ව්‍යාපාරික ප්‍රචාරක කටයුතු මෙහෙයවූ ඇන්ඩෲ බොස්වර්ත් එම සිහිපත යවා ඇත්තේ 2016 වසරේදීයි.
ෆේ්ස්බුක් උපයෝගි කරගෙන යම් පුද්ගලයෙකු මානසික හිරිහැරයකට ලක් කළ හැකි බව ඔහු එහිදී පිළිගෙන තිබෙනවා.
එමෙන්ම, සිය මාධ්‍ය ජාලය උපයෝගි කරගෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් වුවත් ක්‍රියාත්මක විය හැකි බවයි බොස්වර්ත් පවසා ඇත්තේ.
ඒ කවර අයුරකින් හෝ ෆේස්බුක් ආයතනය ජනයා සම්බන්ධ කරන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ෆේස්බුක් පරිශීලකයන්ගේ තොරතුරු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර සදහා යොදා ගැනීම සම්බන්ධයෙන් ද එම ආයතනයට පසුගියදා ප්‍රබල චෝදනාවක් එල්ල වුණා.