රට තුළ අභ්‍යන්තර ජල මාර්ග ආශ්‍රිතව මගී ප්‍රවාහන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මේ අනුව බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා ඇති ඇළ මාර්ග හරහාත් බේරේ වැව හරහා කොළඹ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වාත්, කැළණි ගඟ හරහා සහ අනෙකුත් ජල මාර්ග ඔස්සේ මට්ටක්කුලියේ සිට හංවැල්ල දක්වාත් මෙම මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.
රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාර ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙන අතර, එහි ආරම්භයක් ලෙස නාවික හමුදාවේ සහයෙන් බේරේ වැව හරහා කොළඹ – කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා වසර දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටයි යෝජනා වී ඇත්තේ.
