Gossips

අපේක්ෂා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක්

මහරගම – අපේක්ෂා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙනවා.
අපේක්ෂා රෝහලට ඖෂධ සපයනු ලබන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින්.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අපේක්ෂා රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය බුද්ධික කුරුකුලසූරිය සඳහන් කළේ ඖෂධ ලබාගැනීමේ පටිපාටියේ ගැටළුවක් මීට හේතුවී ඇති බවයි.