පාසල් අවට මීටර් 100 ක සීමාවක් තුල දුම්වැටි අලෙවිය තහනම් කිරීමේ ගැසට් නිවේදනය ලබන අප්‍රේල් 7 වනදා නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා. 
ඒ එදිනට යෙදී ඇති ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීවයි. 
පාසල් අවට මීටර් 500 ක සීමාවක් තුල දුම්වැටි අලෙවිය නතර කිරීමට මීට පෙර තීරණය කර තිබුන ද එය මේවන විට මීටර් 100 දක්වා අඩුකර තිබෙනවා. 
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ වයස අවුරුදු 18 ට වැඩි අයට පමණක් දුම්වැටි අලෙවි කිරීමට පවතින නීතිය අවුරුදු 21 දක්වා වැඩි කිරීමට ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න තීරණය කර ඇති බවයි. 
ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ඉදිරියේදී ලබාගැනීමට නියමිතයි.



