Gossips

අප්‍රේල් 15 රජයේ නිවාඩුවක් වන ලකුණු

ලබන අප්‍රේල් 15 වන දා රජයේ සහ වෙළඳ නිවාඩු දිනයක් බවට පත් කිරීමට රජයේ අවදානය යොමු වී තිබෙනවා.
දැනට එම දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස පමණක් නම් කර ඇති අතර, අද දිනයේ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කළේ.
මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද ඉරිදා දිනයකට යෙදී ඇති අතර, හිස තෙල් ගෑමේ නැකැත් චාරිත්‍රය ද යෙදී ඇත්තේ ලබන 15 වන දාටයි.