Gossips

අප්‍රිකානු වැසි වනාන්තරයේ තෙල් කැණීමට අවසර

ඇමසෝන් වනාන්තරය හැරුණු කොට ලොව විශාලතම සදාහරිත වැසි වනාන්තරය ලෙස සැලකෙන කොංගෝ ද්‍රෝණියේ ඉන්ධන ගවේෂණය සඳහා කොංගෝ ජනරජය අවසර ලබාදී තිබෙනවා.
විරුන්ගා සහ සැලොන්ගා යන මෙම සදාහරිත වැසි වනාන්තර සහිත වනෝද්‍යාන යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයන් ලෙස නම් කර ඇති අතර, සැලොන්ගා වනෝද්‍යානයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 36,000ක්. මෙහි භූමි ප්‍රමාණයෙන් පහෙන් එකක ඉන්ධන ගවේෂණ සඳහා කැණීම් සිදුකිරීමට අවසර ලබාදී ඇති බව සඳහන්.
මෙම වනෝද්‍යාන, මිහිමතින් තුරන් වීමේ අවදානමට ලක්ව සිටින කඳුකර ගෝරිල්ලන් සහ කුරු අලි මෙන්ම බොනොබෝ ලෙස හැදින්වෙන වඳ වෙමින් සිටින වානර විශේෂයේ වාසස්ථානය වීම නිසා එහි ඉන්ධන කැණීමට පරිසර සංවිධානවලින් එල්ල වන්නේ දැඩි විරෝධයක්.