Gossips

අප්‍රිකානු වනෝද්‍යානයක අලි 87ක් ඝාතනය කෙරේ

ලොව විශාලතම අලි ගහණය වෙසෙන අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ වනඋද්‍යානයක වන අලි 87 දෙනෙකු ඝාතනය කර ඇති බව වාර්තා වනවා.
මෙම වනජීවි අභය භූමියේ ගුවනින් අලි සංගණනයක් සිදුකරන අතරතුරයි එලෙස ඝාතනය කළ වන අලි සිරුරු හමුවී ඇත්තේ.
එම සත්ත්වයන්ගේ දළ සියල්ල දඩයක්කරුවන් විසින් ඉවත් කරගෙන ගොස් ඇති බවයි සංගණනය පැවැත්වූ දේශසීමා නොමැති අලි නමැති සංරක්ෂණ සංවිධානය ප්‍රකාශ කළේ.
සති කිහිපයක් ඇතුළත මෙම අලි ඝාතන සියල්ල සිදුවී ඇති අතර, අං ලබා ගැනීම සඳහා ඝාතනය කළ සුදු රයිනෝවන් 5 දෙනෙකුගේ සිරුරු ද හමුවී තිබෙනවා.
සංගණනයෙන් හෙළි වී ඇත්තේ අප්‍රිකානු අලි ගහණයෙන් තුනෙන් එකක් පසුගිය දශකය තුළ ඝාතනයට ලක්වී ඇති අතර, ටැන්සානියානු අලි ගහණයෙන් සියයට 60ක් පසුගිය පස් වසර තුළ අහිමි වී ඇති බවයි.