Gossips

අප්‍රිකානු මොසැම්බික් දේශයට ප්‍රචණ්ඩ සුළි කුණාටුවක්

දැවැන්ත විනාශයක් සිදුකළ හැකි ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් අප්‍රිකාවේ මොසැම්බික් දේශයට කඩා වැදී තිබෙනවා.
ඉන්දීය සාගරයේ වර්ධනය වූ ඉඩායි සුළි සුළඟ එරටට ඇතුළු වී ඇත්තේ ගංඟා ධාරයක පිහිටි බෙයිරා වරාය නගරයෙන්.
පන් ලක්ෂයක් පමණ ජනතාව වෙසෙන එහි වෙරළාසන්නව අඩි 20ක් පමණ උස් රළ ඇති විය හැකි බවට අනාවැකි වුණා.
අප්‍රිකානු මොසැම්බික් දේශයට අසාමාන්‍ය ලෙස කඩා වැදුණු ඉඩායි සුළි සුළඟ පැයට කිලෝමීටර් 225ක පමණ වේගයකින් යුක්ත බව සඳහන්.
සුළි සුළඟට පෙර එහි පැවති දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජල ගැලීම් නිසා පුද්ගලයන් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර යාබද මලාවි දේශයෙන් ද මරණ 45ක් වාර්තා වුණා.
සුළි සුළඟ හේතුවෙන් විදුලිය බිඳ වැටීම් ඇතුළු දේපළ හානි දැනටමත් වාර්තා වී ඇති අතර, තවදුරටත් ප්‍රබල හානි සිදුවිය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.