Gossips

අප්‍රිකානු ගැබොන් රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණය පරදී

මධ්‍යම අප්‍රිකානු ගැබොන් රාජ්‍යයේ හමුදාව විසින් පාලන බලය අත්පත් කර ගැනීම සඳහා දියත් කළ කුමන්ත්‍රණය අසාර්ථක වූ බව එරට ජනාධිපති අලි බොන්ගෝ පවසනවා.
ඔහු කියා සිටියේ කුමන්ත්‍රණය මෙහෙය වූ හමුදා සාමාජිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර 5 වැන්නා පළා යමින් සිටින බවයි.
ගැබොන් රාජ්‍යය 50 වසරක් තිස්සේ පාලනය වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් යටතේයි.
එරට ගුවන් විදුලි සහ රූපවාහිනී මධ්‍යස්ථාන වෙත කඩා වැදුණු හමුදා සාමාජිකයින් පිරිසක්, තම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා එහි බලය අල්වා ගත් බව අද ප්‍රකාශ කළා.
එහෙත් දැන් තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති අතර, කුමන්ත්‍රණකරුවන් නම් කළ හමුදා ජෙනරල්වරුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ විපක්ෂ නායකයන් පිළිබදව විමර්ශනයක් කරන බවයි ගැබොන් රජයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.