Gossips

අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන 8 වනදා

කොළඹ – ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වූ බව එම විහාරස්ථානය නිවේදනය කළා.
දිගුකලක් තිස්සේ රෝගාතුරව සිටි උන්වහන්සේ අද (03) අලූයම අපවත් වූ බවයි ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිකාරි බොරලන්දේ වජිර ඥාන ස්වාමින් වහන්සේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
අපවත්වන විට උන්වහන්සේ 54 වන වියේ පසුවූ අතර, ආදාහන පූජෝත්සවය ලබන 8 වනදා සිදුකිරීමට නියමිතයි.