Gossips

අපරීක්ෂාකාරීව යතුරුපැදි පැදවූ 32 ක් අත්අඩංගුවට

පිළියන්දල නගරය මගහැර යාමට ඇති විකල්ප මාර්ගය වන ජාලියගොඩ – කැස්බෑව මාර්ගයේ අපරීක්ෂාකාරී සහ අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ තරුණයින් 32 ක් පොලීසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ යතුරුපැදි 14 ක්ද ඔවුන් සමඟ පොලිස් භාරයට ගෙන ඇති බවයි.
අවුරුදු 19 ත් 30 ත් අතර වයස්වල පසුවන මෙම තරුණයින් මොරටුමුල්ල, කැස්බෑව සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.