Gossips

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 5ක් හික්කඩුවේදී අත්අඩංගුවට

හික්කඩුව ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ තරුණයින් 5 දෙනෙකු පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් හික්කඩුව – තිරානගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18ත්, 21ත් අතර පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.
කඩු, පොලූ සහ හෙල්මට්වලින් නිවාස 3කට පහර දීම, ත්‍රිරෝද රථ දෙකකට සහ මෝටර් රථයකට පහරදීම, හිමිනමකට, කාන්තාවකට සහ තවත් පුද්ගලයෙකුට පහරදීම, ගිනි අවි පෙන්වා සාපරාධී බිය ගැන්වීම ඇතුළු පැමිණිලි කිහිපයක්ම ඔවුන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ කඩුවක් ද තම භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.