Gossips

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ රැසක් අනාවරණ කර ගැනීමට කොහුවල පොලීසියට හැකියාව ලැබී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි මාවතගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, ඔහු අධිකරණය මඟ හරිමින් සිට ඇති අයෙකු බවට අනාවරණ වී තිබෙනවා.
මොහුට විරුද්ධව නුගේගොඩ සහ වත්තල මහේස්ත්‍රාත් අධිකරණවලින් විවෘත වරෙන්තු 11ක් නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරු 2017 සහ මේ වර්ෂය තුළ දී කොහුවල, ගල්කිස්ස, දෙහිවල, මහනුවර හා කටුගස්තොට යන පොලිස් ස්ථාන වෙත වාර්තා වූ බාල අපරාධ 27ක් සම්බන්ධයෙන් මෙන්ම සුළු අපරාධ 5කට ද චෝදනා ලැබ සිටින්නෙක් බවයි වාර්තා වන්නේ.
පසුගිය මස 30 වන දා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම කරුණු අනාවරණ වී තිබෙනවා.