Gossips

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු තලංගම දී අත්අඩංගුවට

වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට තැත් කිරීම සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් තුන්දෙනෙකු බත්තරමුල්ල – තලංගම ප්‍රදේශයේදී ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අහුන්ගල්ල ප්‍රදේශයේදී පසුගිය 01 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇති බවයි.
ඔවුන් තලංගම සහ බලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.