එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ප්‍රකාශ කළ අවස්ථාවේ එහි සිටි මැති ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය කථානායකවරයාගෙන් අනුමැතිය ඉල්ලා තිබෙනවා.
එම කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ ඊට එක්ව සිටි අමාත්‍ය වජිර අබේවර්ධනගෙන් මේ වනවිටත් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බව හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පසුගිය 02 වැනිදා යාපනයේදී ප්‍රකාශ කළා.
ඒ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිළ මෙහෙවර වැඩසටහනේ එක් අදියරකට එක්වෙමින්.
එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ද එක්ව සිටියා.