අපරාධ අංශයේ OIC අල්ලස් දැලේ පැටලෙයි
රුපියල් අටදහසක (රු. 8,000) මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාව මත මහබාගේ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති අල්ලස් කොමිසම මඟින් අද (05) අත්අඩංගුවට ගෙන තිබේ.
කදාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ව්‍යාජ කාර් රථයක් පරිහරණය කිරීම, ව්‍යාජ මුදල් හා සුදු හඳුන් කිලෝ 3ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මහ බාගේ පොලීසිය වෙත භාර දීමෙන් පසුව අධිකරයට ඉදිරිපත් කර තිබූ කාර් රථය පැමිණිලිකරුවෙත නිදහස් කරදීම සඳහා රුපියල් දසදහසක රු. 10,000) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා රුපියල් දෙදහසක (රු.2,000) මුදලක් ප්‍රථමයෙන් ලබාගෙන ඇත.
පසුව රුපියල් 8000ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර මහබාගේ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.