Gossips

අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව වැඩි කෙරේ

අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මෙරට නීතිය අනුව වයස අවුරුදු 08 කට අඩු ළමයෙකුට අපරාධ වගකීම් පැවරීමට හැකියාවක් නැහැ.
එහෙත් මෙය ඉතා ලාබාල වයස් සීමාවක් බව මනෝ වෛද්‍යවරුන්ගේ සහ අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ මතය වී තිබෙනවා.
මෙම වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමටයි යෝජනා වී ඇත්තේ.
එමෙන්ම, වයස අවුරුදු 12 ට වැඩි එහෙත් අවුරුදු 14 ට අඩු ළමයෙකු සම්බන්ධයෙන් වන චෝදනා ගොනුකර ඇති වරදකදී ඒ පිළිබඳව තීරණය කිරීමේ අභිමතය මහේස්ත්‍රාත්වරයාට ලබාදීමටත් හැකි අයුරින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට යෝජනා කෙරෙනවා.