Gossips

අපරාධකරුවන් පැය 48ක් රදවා තබා ගැනීම දීර්ඝ කිරීමට යෝජනා

අපරාධකරුවන් පැය 48ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට අදාළ නියෝග තවත් වසර 2කින් දීර්ඝ කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පනතේ කාලසීමාව අවසන්වීමට පෙර එය දීර්ඝ කිරීම සිදුකළ යුතු බවටයි.
මිනීමැරුම්, මං කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, පැහැර ගෙන යාම්, මිනී මැරුමට තැත් කිරීම, ගිනි අවි භාවිතයෙන් කරන ලද අපරාධ ආදිය මෙම පනත යටතේ අපරාධ වශයෙන් සළකනු ලබනවා.