මේ වසරේදී මෙරට අපනයන තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.
පසුගිය වසරේදී තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 597 යි ශත 16 ක සාමාන්‍ය මිලක් හිමිවුණා.
එහෙත් මේ වසරේදී තේ කිලෝග්‍රෑමයක් සඳහා වන සාමාන්‍ය මිල රුපියල් 543 ශත 85 දක්වා අඩුවී ඇති බවයි තැරැව්කාර සමාගම් පෙන්වා දෙන්නේ.
ඒ අනුව තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල මේ වසරේදී රුපියල් 53 යි ශත 76 කින් පහත වැටී තිබෙනවා.