Gossips

අපනයන ආනයන පරතරය ඇති කර ගැනීමෙන් රුපියලේ අවප්‍රමාණය පාලනය කර ගත හැකියි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඊයේ ඉතිහාසයේ අවම අගය වාර්තා කළා.
මහබැංකු විනිමය අනුපාතික වලට අනුව ඩොලරයක් සඳහා විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 162 යි ශත 11 ක් ලෙසයි.
මෙලෙස රුපියල අවප්‍රමාණවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටිගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කර විදේශ විනිමය රටින් පිටවීම පාලනය කර ගැනීමෙන් රුපියල අවප්‍රමාණ වීම වළක්වා ගත හැකි බවයි.
කෙසේ වෙතත්, ආචාර්ය නාලක ගොඩහේවා කියා සිටියේ ආණ්ඩුවට රුපියල අවප්‍රමාණ වීම වැළැක්වීමට නොහැකි වී ඇති බවයි.