Gossips

අපනයනකරුවන් ලියාපදිංචි කිරීමට නව ක්‍රමවේදයක්

දැනට ක්‍රියාත්මක අපනයනකරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය අවලංගු කර නව දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා රජය සුදානම් වනවා.
පවතින ක්‍රමවේදය සඳහා කල්ගතවීම හේතුවෙන්, මතුවන ගැටළු අවම කරගැනීම එහි අරමුණයි.
1985 වසරේ හඳුන්වාදුන් අපනයනකරුවන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලබනවා.
ඒ යටතේ විවිධ ආයතන 6 ක් සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට අපනයනකරුවන්ට සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
එහිදී අපනයන කටයුතු සඳහා අවශ්‍ය බලපත්‍ර ලබාගැනීමට සති දෙකත් හතරත් දක්වා කාලයක් ගතවන අතර, රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතන එක්ව සකසන නව ක්‍රමවේදයෙන් එය කඩිනම් කෙරෙනු ඇති.