Gossips

අපතේ ගිය රාහුල්ගේ ඉනිම

අයි.පී.එල් තරඟාවලියට අදාළව ඊයේ (08) පැවති තවත් තරඟයකින් කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම පරදවා ලකුණු 15 ක ජයක් ලැබීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 158 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 143 ක් පමණයි.
කෙසේ වෙතත් තරඟයේ ජය අහිමිව ගියද පන්ජාබ් කණ්ඩායමේ ආරම්භක පිතිකරුගේ සුපිරි ඉනිම වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා.
සෙසු ක්‍රීඩකයන් රාජස්ථාන් පන්දු යවන්නන්ගේ අණසකට යටත් වෙද්දී නොහික්මුණු ලෝකේශ් රාහුල් ගේ ඉනිම පන්ජාබ් කණ්ඩායමේ බලාපොරොත්තුව අවසානය දක්වා රැගෙන ගියා.
එහි විශේෂත්වය වන්නේ සෙසු ක්‍රීඩකයන් සියලුදෙනා රැස්කළ මුළු ලකුණු සංඛ්‍යාව 41 ක් වීමයි.
තරඟයේ අවසානය දක්වා තම රිද්මය වෙනස් නොකළ රාහුල් නොදැවී පන්දුවට පහරදෙමින් ලකුණු 95 ක් රැස්කරගත්තා.
ඔහුගේ ඉනිමට හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත්.
අවසානයේ ප්‍රවේගකාරී වූ රාහුල් අවසන් පන්දුවාරය නිම කළේ හයේ පහරක් සහ පසුපසට එල්ලකළ හතරේ පහර දෙකක් සමඟින්.
එම ඉනිම පහතින්.
rn