Gossips

අඳුරු යුගය දිගුයි – අතපත්තු

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරු යුග රැසක් අත්දැකීමට හැකි වුවද අද තරම් ආලෝකයක් නොදකින අඳුරු යුගයක් නොතිබූ බව ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු මාවන් අතපත්තු පවසනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවියක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු කියා සිටියේ පරිපාලනයේ දුර්වලතා රැසක් ද ඊට හේතු වී ඇති බවයි.
ටෙස්ට් කණ්ඩායමට නවක ක්‍රීඩකයන් යෙදවීමේදී ඔවුන් ඊට සූදානම් ද යන්න අවබෝධ කර ගත යුතුයි.
එමෙන්ම සංගක්කාර, මහේල, දිල්ශාන් මෙන්ම මෑතකදී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් රංගන හේරත්ගේ සේවය හෝ ලබා ගැනීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර නැහැ.
මාස 18ක කාලයක් තුළ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් 30 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් එක් කිරීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් වාතාවරණය පිළිබදව අවබෝධයක් ලබා ගත හැකි බවයි මාවන් අතපත්තු පෙන්වා දෙන්නේ.