Gossips

අනෝදා වගාව ව්‍යාප්ත කිරීමට පියවර

දේශීය පළතුරු නිෂ්පාදනය ඉහළ නැවීමේ අරමුණින් අනෝදා වගාව ව්‍යාප්ත කිරීමට රුහුණු විශ්වවිද්‍යාල කෘෂි පීඨයේ පර්යේෂණ අංශය පියවර ගෙන තිබෙනවා.
අනෝදා සඳහා වෙළඳපොලේ පවතින ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.
ගුණාත්මක බවින් අඩු අනෝදා ශාඛවලට ප්‍රමිතියෙන් යුත් ශාඛ බද්ධ කිරීමෙන් ඉහළ අස්වැන්නක් ලබාගැනීමට හැකි බවද ඔහු සඳහන් කළා.