තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙකු ලෙස පත් කළ බව මෙතෙක් දැනුම් දී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොට්ටාව ප්‍රදේශයේ සමාජ සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයකට අද (10) එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
