Gossips

අනුවණ ක්‍රියාවක් ගැන ඇමති රාජිත කියයි

ප්‍රචාරණයට මුදල් වැය නොකිරීම වත්මන් රජය සිදුකළ අනුවණ ක්‍රියාවක් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
මාතර – කඹුරුගමුවේ පිහිටි නව දිස්ත්‍රික් මහරෝහලේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ප්‍රචාරණයට මුදල් වැය නොකර ඒවා ජනතාව වෙනුවෙන් යෙදවූ බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේ.
එහෙත් ජනතාව යළිත් සිදුකළේ කුමක්දැයි ප්‍රචාරණයක් නොමැතිවීම හේතුවෙන් ප්‍රශ්න කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.