Gossips

අනුලා විද්‍යාලයේ දෙමව්පියන් පිරිසක් විරෝධතාවක

නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඉගෙනුම ලබන දැරියන්ගේ් දෙමව්පියන් පිරිසක් මේ වනවිට එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා.
ඒ, එම විදුහල් භූමියේ පවත්වාගෙන ගිය දහම් පාසල බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිගේ මැදිහත්වීමෙන් යළි විවෘත කිරීමට විරෝධය පළ කරමින්.
ආණ්ඩුකාරවරයාට පාසලේ කටයුතුවලට මැදිහත්වීමට අයිතියක් නොමැති බවයි විරෝධතාවට එක්වෙමින් දෙමව්පියන් සඳහන් කළේ.
මෙම විරෝධතාව හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක්ද හටගෙන ඇති බව එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළා.