Gossips

අනුර කුමාරගෙන් චෝදනාවක්

පවත්නා තත්ත්වය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් ලෙස පෙනී සිටීමට හිටපු පාලකයන් උත්සාහ කළද ඔවුන්ගේ පාලන කාලයන්හිදී කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් සිදුනොවුණු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
‘ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැබෑ ජනබලය ගොඩනගමු’ යන තේමාව යටතේ නුගේගොඩ අද පැවති රැළියේදී ඔහු මෙම අදහස් පලකළා.
නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ සංවිධානය කර තිබූ මෙම ජන රැළිය සදහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් රැසක් සහභාගීවී සිටියා.