අත්අඩංගුවට ගත් රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල රුපියල් ලක්ෂ 05ක ශරිරි ඇප මුදා හැරිමට කිලිනොච්චි මහේස්ත්‍රාත් ඒ.ආන්නද රාජා අද නියෝග කළා.
ඒ උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී බොරලූ පස් සැපයීම සඳහා රුපියල් එක් කෝටි 13 ලක්ෂ 2920 මුදලක් අයථා ලෙස ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් වන නඩුව කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවු අවස්ථාවේදීයි.
එහිදි මහේස්ත්‍රාත්වරයා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොලට විදේශ ගතවීම තහනම් කරමින් ඔහුගේ විදේශ ගමන් බල පත්‍රය ද අධිකරණය භාරයට ගනු ලැබුවා.
