ලක්ෂ අසූවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල එළඹෙන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
වරෙන්තු ලබා අධිකරණය මගහරිමින් සිටි ඔහු අද (16) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළා.
