Gossips

අනුරාධපුර – මිහින්තලේ මාර්ගයේ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

අනුරාධපුර – මිහින්තලේ ප්‍රධාන මාර්ගයේ කන්නට්ටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
අද (13) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක්.
අදාල කාන්තාව මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහා කිරීමේදී අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇය ජීවිතක්ෂයට පත්වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
යතුරුපැදියේ පැමිණි දෙදෙනා ද මේ වනවිට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
යතුරුපැදියේ අධික වේගය අනතුරට හේතුවී ඇති අතර මිහින්තලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.