Gossips

අනුරාධපුර මහ රෝහලේ සොරකම ගැන විමර්ශණයට පොලිස් කණ්ඩායම් 3 ක්

අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේප්පුව කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 64කට ආසන්න මුදලක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා තිබෙනවා.
අනුරාධපුර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ රෝහල තුළ ආරක්ෂක කැමරා සවිකර නොතිබීම පරික්ෂණ කටයුතුවලට බාධාවක් බවයි.
පෙරේදා මෙම මුදල් සොරකම සිදුකර තිබූ අතර, පසුව සැකකරුවන් පරිපාලන ගොඩනැගිල්ලේ මූල්‍ය අංශයේ ලිපිලේඛන තොගයකටද ගිනි තබා තිබුණා.