අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේ්ප්පුව කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කිසියම් පිරිසක් විසින් පරිපාලන ගොඩනැගිල්ලට ඇතුලූවී එහි සේප්පුවේ අගුල විවෘත කර මෙලෙස අදාළ මුදල සොරකම් කර ඇති බවයි.
ඉන්පසුව ඔවුන් පරිපාලන ගොඩනැගිල්ලේ මුල්‍ය අංශයේ ලිපි ලේඛන තොගයකටද ගිනි තබා තිබෙනවා.
අද උදෑසන මූල්‍ය අංශයට ඇතුලූවූ පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදෙන සේවකයන් සිද්ධිය පිළිබඳව පොලීසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුවයි මේ පිළිබඳව හෙළිදරව් වී ඇත්තේ.
