Gossips

අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය රිමාන්ඩ්

අනුරාධපුර මහනගර සභාවේ රුපියල් තුන්කෝටි අසූ හත් ලක්ෂ 94,000 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ වැටුප් සකසන්නිය අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඇය අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ටී.එම්. හේමන්ත පුෂ්පකුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ඇය අත්අඩංගුවට ගනු ලැබුවා.
ඇය අනුරාධපුර – තිසා වැව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.