Gossips

අනුරාධපුර මහ නගර සභාවේ මුදල් වංචාවට සම්බන්ධ තවත් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන

අනුරාධපුර මහ නගර සභාවේ සිදුවී ඇති බව කියන මුදල් වංචාව සම්බන්ධයෙන් එහි සේවය කළ ප්‍රධාන ලිපිකරුවන් සිව්දෙනෙකු සහ ආදායම් පාලකවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
2013 වසරේ සිට 2018 දක්වා රුපියල් තුන්කෝටි අසූ හත් ලක්ෂයක මුදලක් මෙලෙස වංචා කර ඇති බවට රහස් පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති නමුත් අදාළ මුදල ඊට වඩා වැඩි බවයි විමර්ශන කණ්ඩායම් සැක පළ කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂයභාර නිලධාරිනිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.