Gossips

අනුරාධපුර මහනගර සභාවේ මූල්‍ය වංචා සිද්ධියේ සැකකරුවන්ට ඇප නැහැ

අනුරාධපුර මහනගර සභාවේ මූල්‍ය වංචා සිද්ධියට අත්අඩංගුවට ගත් වැටුප් විෂය භාර නිලධාරිනිය ඇතුළු තුන්දෙනාට ඇප ලබාදීම අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව ඔවුන් සැප්තැම්බර් 7 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ 94,082ක් වූ මෙම මූල්‍ය වංචාවට අදාළව අත්අඩංගුවට ගෙන සිටින්නේ අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය භාර නිලධාරිනිය, ඇගේ සොහොයුරා සහ නගර සභා සේවිකාවක්.