Gossips

අනුරාධපුර මහනගර සභාවේ මූල්‍ය වංචා විමර්ශන සී.අයි.ඩී.යට

අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය විසින් සිදුකර ඇති මූල්‍ය වංචාව පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
අදාළ වැටුප් සකසන්නිය විසින් සිදුකළ මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් තුන් කෝටි විසිතුන් ලක්ෂයකට අධික බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන සඳහන් කළේ ඊට අදාළ ලේඛන සහ වාර්තා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කර ඇති බවයි.