Gossips

අනුරාධපුර මහනගර සභාවේ මුදල් වංචාවට සම්බන්ධ 6 දෙනා තවදුරටත් රිමාන්ඩ්

අනුරාධපුර මහනගර සභාවේ සිදුවූ රුපියල් තුන්කෝටි අසූ හත් ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම නගර සභාවේ ආදායම් පාලකවරිය ඇතුළු පිරිස යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ, අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාරගේ නියෝගයකට අනුවයි.
ඒ අනුව එහි හිටපු ආදායම් පාලකවරිය, ඇගේ සැමියා, සහෝදරයා ඇතුළු සැකකරුවන් 6 දෙනා ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ.