Gossips

අනුරාධපුර බන්ධනාගාර රැදවියන් පිරිසක් උපවාසයක

එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් පිිරිසක් අද පෙරවරුවේ සිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කර සිටියේ ඔවුන්ට එරෙහිව චෝදනා ඇත්නම් නඩු පවරන ලෙස ඉල්ලමින් අදාළ රැදවියන් මෙලෙස උපවාසයක් ආරම්භ කර ඇති බවයි.
අනුරාධපුර බන්ධනාගාරයේ මේ වනවිට එල්.ටී.ටී. ඊ සංවිධානයට සම්බන්ධ බවට සැකපිට දස දෙනෙකු රදවා සිටින අතර, ඉන් 8 දෙනෙකු මෙලෙස උපවාසයේ නිරතව සිටිනවා.