Gossips

අනුරාධපුර පොලිස් නිළ නිවාසයකට අත්බෝම්බ ප්‍රහාරයක්

අනුරාධපුර පොලිස් නිළ නිවාස සංකීර්ණයේ කොස්තාපල්වරියක් පදිංචිව සිටින නිවසකට අද අලූයම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරිය සහ දෙහැවිරිදි දියණිය කාමරයේ නිදමින් සිට ඇති නමුත්, අත් බෝම්බය මදුරු දැල මත වැදී බිමට වැටීමෙන් පසු පුපුරා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් ඔවුන් දෙදෙනාට තුවාල සිදුවී නොමැති අතර, කාමරයේ ජනේලයට ඉහළින් පිහිටි සුළං කවුළුවෙන් අත්බෝම්බය විසි කර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.
කොස්තාපල්වරිය පොලීසියට සඳහන් කර ඇත්තේ දික්කසාදවීම සඳහා දැනට අධිකරණයේ නඩුවක් පවරා ඇති යුද හමුදාවේ සාජන්ට් මේජර්වරයෙකු වන සිය සැමියා විසින් මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට සැක කරන බවයි.