පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මගින් සංවිධාන කරනු ලබන අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, අනුරාධපුර – සල්ගාදු ක්‍රීඩාංගනයේදියි.
මෙම සමුළුවේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදී සිටින පරිසර ගැටළු පිළිබඳව සහ වන අලි ගැටළුව සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
