Gossips

අනුරාධපුර තේරීම් භාර නිලධාරියාට, සහකාර මැතිවරණ කොමසාරිස්ට නොතීසි

අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ආර්.එම්. වන්නිනායකට සහ අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායකට මෙන්ම කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ජී. තිලකරත්නට මැයි මස 02 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උතුරුමැද පළාත්බද මහාධිකරණය ඊයේ (03) නියෝග කළා.
මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් විසින් මෙම නියෝගය නිකුත් කළේ පසුගිය පළාත්පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවට තරග කළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.
අදාළ කොාට්ඨාශයේ ඡන්ද ගණන් කිරීමේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයට වඩා එක් ඡන්දයක් අඩුවෙන් ගණන් කර ඇති බව අදාළ අපේක්ෂයා සිය පෙත්සම තුළින් පෙන්වා දී තිබුණා.
ඒ අනුවයි අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසයි නියෝග කර ඇත්තේ.
මේ අතර පසුගිය පළාත්පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සළකා බැලීම ලබන ජූලි 30 වනදා දක්වා කල් දමනු ලැබුවා.
ඒ එම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදියි.
අදාළ පෙත්සමට මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ඇතුලු වගඋත්තරකරුවන් විසින් විරෝධතා ද ගොනුකරනු ලැබුවා.
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක ඇතුලු තුන්දෙනෙකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුලු එහි සාමාජිකයින් නම් කර තිබෙනවා.
පසුගිය පළාත්පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඡන්දය විමසීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ පසුගිය ජනවාරි 30 වනදායි.