අනුරාධපුර – වන්නියකුලම් ප්‍රදේශයේදී තිදරු පියෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා ද අනුරාධපුර – තම්මැන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඝාතනයට යොදා ගත් කඩු 3ක් ද අනුරාධපුර – යහලේගම වැවට දමා තිබියදී අද සොයා ගත් බවයි.
මීට අමතරව ඝාතනය සඳහා පැමිණි මෝටර් රථය ද සොයාගෙන තිබෙනවා.
ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු නොච්චියාගමදී අද (08) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුනා.
මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මග හරස් කළ පිරිසක් තියුණු ආයුධයකින් පහරදී මෙම පුද්ගලයා ඝාතනය කර තිබුණේ පසුගිය 5 වනදායි.
අනුරාධපුර – විජයපුර – රුහුණු මාවත ප්‍රදේශයේ පදිංචි කුලී පදනම මත වාහන සපයන 45 හැවිරිදි සුජීව ප්‍රසන්න කුමාර හෙට්ටිආරච්චි නැමැත්තා මෙලෙස ඝාතනයට ලක්ව තිබුණා.
ඝාතනය සඳහා පුද්ගලයින් 4 දෙනෙකු පැමිණ ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළි වුණේ.
ඔහුගේ බිරිඳ සහ දියණියක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට ද මේ වන විට මරණ තර්ජන එල්ල වී ඇති බවයි.
කෙසේ වෙතත්, ඝාතනයට ලක්වූ ප්‍රසන්න කුමාරට සහ ඔහුගේ පවුලට එරෙහිව මීට පෙර පොලීසියට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
Update :- Sunday, July 8, 2018 5.00pm
———————————————-
අනුරපුර ඝාතනයට අදාල ආයුධ වැවකින් මතුවෙයි
අනුරාධපුර – වන්නියකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට යොදාගත් කඩු දෙකක් අද (08) දහවල් සොයාගෙන තිබෙනවා.
අනුරාධපුර යාලේගම වැවේ සඟවා තිබියදී එම කඩු දෙක සොයාගත් බවයි අනුරාධපුර පොලිසිය පැවසුවේ.
මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු අද (08) අත්අඩංගුවට ගැනුණා.
මෙවුන්ගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීම් වලදියි සඟවා තිබූ මෙම කඩු දෙක සොයාගෙන ඇත්තේ.
සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පසුගිය 5 වනදා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ අවුරුදු 45ක් වයසැති අනුරාධපුර – විජයපුර මාවතේ පදිංචිකරුවෙක්.
මෙම ඝාතනයට හේතුව දෙපාර්ශවයක් අතර කළක පටන් පැවති ආරවුලක් බවටයි මීට පෙර අනාවරණ වුණේ.
ඡායාරූප – අනුරාධපුර, බුද්ධික