අනුරාධපුර – වන්නියකුලම ප්‍රදේශයේදී තිදරු පියෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 4 දෙනා මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔවුන් අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂ කැකුණවෙල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුවන් එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි.
