Gossips

අනුරාධපුර කසළ ගොඩකින් කොටි ලාංඡනය සහිත තොප්පියක් සහ පතොරම් වැලක් හමුවෙයි

අනුරාධපුර මහ නගර සභාවේ කසළ අංගනයේ තිබී එල්.ටී.ටී.ඊ. ලාංඡනය සහිත කැප් තොප්පියක් සහ පතොරම් 45 ක වැලක් හමුවී තිබෙනවා.
ඊයේ (15) එම අංගනයේ කසළ වෙන්කරන කම්කරුවන්ට මෙම තොප්පිය සහ පතොරම් වැල හමුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය පරිපාලකවරයා සිදුකළ දැනුම්දීමකට අනුව අනුරාධපුර පොලීසියේ නිලධාරීන් එහි ගොස් මෙම එල්.ටී.ටී.ඊ. ලාංඡනය සහිත කැප් තොප්පිය සහ පතොරම් වැල පරීක්ෂණ සඳහා අනුරාධපුර පොලීසියට රැගෙන විත් තිිබෙනවා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අනුරාධපුර පොලීසියේ නිලධාරියෙකු කියා සිටියේ කිසිවෙකු රහසිගතව ළඟ තබාගෙන සිටි කැප් තොප්පිය සහ පතොරම් වැළ කිසිවෙකු කසළ අංගනයට විසිකළ බවට සැක කරන බවයි.
එසේම සුළු මළකෑමකට ලක්ව තිබුණද පතොරම් වැලේ පවතින පතොරම් භාවිත කළ හැකි මට්ටමේ පවතින බවද අනාවරණ වනවා.