Gossips

අනුරාධපුරයේ විභාගයට ගැනුනු නඩුවක් යළි වවුනියාව මහාධිකරණයට

ආරක්ෂක හමුදා සාමාජිකයන් 26 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව හිටපු කොටි සාමාජිකයන් තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවක් අනුරාධපුර මහාධිකරණයේ සිට යළි වවුනියාව මහාධිකරණයට මාරු කර තිබෙනවා.
ඒ, අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.
මුල් අවස්ථාවේ වවුනියාව මහාධිකරණයේ විභාග වූ මෙම නඩුව පසුව අනුරාධපුර අංක දෙක මහාධිකරණයට මාරු කර තිබුණේ නීතිපතිවරයාගේ ඉල්ලීමක් සළකා බලමින්.
කෙසේ වෙතත් එම තීරණයට එරෙහිව චෝදනා එල්ලවී ඇති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් තුන්දෙනා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.
එහි තීන්දුවට අනුව යළි මෙම නඩුව වවුනියාව මහාධිකරණයට මෙලෙස මාරුකර තිබෙනවා.
2009 වසරේදී නාවික හමුදා සෙබළුන් 18 දෙනෙකු සහ යුද හමුදා සෙබළුන් 8 දෙනෙකු වවුනියාවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව මෙම නඩුව පවරා ඇත්තේ නීතිපතිවරයා විසින්.