Gossips

අනුරාධපුරයේ දේවලයක ගින්නක්

අනුරාධපුරය – ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි දේවාලයක අද අලූයම ගින්නක් හටගෙන තිබෙනවා.
අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ප්‍රකාශ කළේ එම ස්ථානයට එම ඒකකයේ නිලධාරීන් යනවිටත් ගින්න නිවා දමා තිබූ බවයි.
සුඛෝපභෝගී නිවසක කොටසක මෙම දේවාලය පවත්වාගෙන ගොස් ඇත්තේ කාන්තාවක් විසින්.
ගින්නෙන් දේවාලයේ තැන්පත් කර තිබූ දේව ප්‍රතිමා, දේව රූප සහ භාණ්ඩ විනාශ වී ඇති බව සඳහන්.