Gossips

අනුරාධපුරයේදී වන අලියෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

වෙඩි තබා ඝාතනය කරන ලද බවට සැකකෙරෙන වන අලියෙකුගේ සිරුරක් අනුරාධපුර – කහටගස්දිගිලිය – බඹරහෙළ ප්‍රදේශයේ හේන් යායක තිබී අද (05) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.
පොලීසිය විසින් වනජිවි දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීමකට අනුව මේ වනවිටත් එම ස්ථානයට වනජිවි නිලධාරින් පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.
වන අලියා දින 03කට පමණ ඉහතදී මියගොස් ඇති බවයි දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.